26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical19 බලාත්මක කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට

19 බලාත්මක කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට

සංශෝධන සහිතව 19 වන ව්‍යවස්ථාව බලාත්මක කිරීමේ යෝජනාව අද (25) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, අතවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා එලෙස ඉදිරිපත් කෙරෙනු ඇති.

රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවේ, නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද පස්වරු 5.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බවයි.

සමගි ජන බල‍වේගය, එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීම සඳහා සිය පක්ෂවල යෝජනා පසුගියදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත භාර දුන්නේ ය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ,එම යෝජනා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා වෙත මේ වනවිට යොමු කර ඇති බවයි.