27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති අගමැතිට ඉල්ලා අස්වෙන්න කියයි

ජනපති අගමැතිට ඉල්ලා අස්වෙන්න කියයි

ඊයේ (25) කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමෙන් පසු රාජපක්ෂ පවුලේ හමුවීමක් සිදුවී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

ඒ සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කිහිප දෙනකු පමණක් සහභාගී වී ඇති අතර පවතින තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝව සාකච්ඡා වී තිබේ.

එහිදී ජනාධිපතිවරයා අගමැතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස යෝජනා ‌කොට ඇති අතර එහිදී අගමැතිවරයා පිළිතුරු දෙමින් කියා ඇත්තේ ජනාධිපතිවරයා තමන් ඉවත් විය යුතු බව කියන්නේ නම් තමන් ඉල්ලා අස්වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවයි.

කෙසේවෙතත් මෙහිදී සාකච්ඡාවට මැදිහත් වී ඇති බැසිල් රාජපක්ෂ කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් පක්ෂය සමඟ සාකච්ඡා කොට තීන්දුව අද දිනයේදී දැනුම් දෙන්නම් යැයි කියාය.