24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික රෝහලේ වැටුප් ගෙවන්නත් රජයට සල්ලි නෑ

ජාතික රෝහලේ වැටුප් ගෙවන්නත් රජයට සල්ලි නෑ

ජාතික රෝහලේ සේවක වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදලක් රජය සතුව නොමැති බව චන්න ජයසුමන මාධ්‍ය වැඩසටහනකදී පිළිගෙන තිබේ.

නිවේදකයා විසින් ජාතික රෝහලේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිද යනුවෙන් විමසා සිටිමේදී අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ පැහැදිලිවම ප්‍රශ්නයක් ඇති බවයි.

අතිකාල දීමනා පවා කප්පාදු කිරීමට ඉඩ ඇති බවත් මෙම සාකච්ඡාවේදී පැවසූ අමාත්‍යවරයා යෝජනා කළේ අතුරු අයවැයක අවශ්‍යතාවයක් ඇති බවයි.

එසේ නොමැති වුවහොත් ඉදිරියේදී රාජ්‍ය යාන්ත්‍රණයම කඩා වැටීමට ඉඩ ඇති බවත් ඔහු එහිදී අවධාරණය කළේය.