27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබහුතරය පෙන්නුවොත් ආණ්ඩුව විපක්ෂයට යනවා - පොහොට්ටුවේ මහලේකම්

බහුතරය පෙන්නුවොත් ආණ්ඩුව විපක්ෂයට යනවා – පොහොට්ටුවේ මහලේකම්

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන බහුතරය වත්මන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂට තිබෙන නිසා එය අමුතුවෙන් පෙන්වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

දැනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 120ක් තම පාර්ශවයට තිබෙන බව පවසන අය කළ යුත්තේ ඒ පිළිබඳව මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රටට පැවසීම නොව ව්‍යස්ථානුකූලව එය පාර්ලිමේන්තුවේදී ඔප්පු කර පෙන්වීම බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

එලෙස පෙන්වන ඕනෑම වෙලාවක මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විපක්ෂයට යන බවත්දේශපාලන වශයෙන් රට අරාජික කරමින් තවදුරටත් රට අස්ථාවර කිරීම් අවස්ථාවාදී ඇතමුන්ගේ උවමනාව උවත් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් ජනතා ගැටළු අවසන් කර රට ස්ථාවර තත්වයකට ගෙන ඒම බව ඔහු අවධාරණය කළේය.