26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් ඇමති ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙයි

මුදල් ඇමති ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙයි

නව ආණ්ඩුව පත්වීමත් සමඟ බදු සහන ලබාදීමත්, රුපියල අනවශ්‍ය ලෙස අල්ලාගෙන සිටීමත් බරපතළ වැරදි තීන්දු බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි ඊයේ (25) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී පැවසීය.

ඉකුත් යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයන් සඳහා ලබා දුන් රුපියල් 10,000ක වැටුප් වැඩිවීම වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි 1800ක පමණ මුදලක් වැඩිපුර ගෙවන්නට සිදුවී ඇතැයි ප්‍රකාශ කර ඇති ඇමතිවරයා එහෙත් එම මුදල ලැබෙන්නේ කෙසේදැයි කිසිවකුත් නොදන්නා බවද එහිදී සඳහන් කළේය.

රට පත්ව ඇති බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බවද මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි.

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ රාත්‍රියේ පැවැත්විණි.