27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහල්වලින් ඖෂධ නිකුත් කිරීම සීමා කෙරේ

රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීම සීමා කෙරේ

පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීම සීමා කර ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

කොළඹ ජාතික රෝහලෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කළේ සායනික රෝගීන්ට එකවර ලබාදෙන ඖෂධ ප්‍රමාණය අඩු කර ඇති බවයි. කිසියම් සායනික රෝගියෙකුට මාසයකට ප්‍රමාණවත් ඖෂධ මීට පෙර එකවර ලබා දුන්නද මේ වනවිට සතියකට ප්‍රමාණවත් ඖෂධ පමණක් නිකුත් කරන බව ඔහු පැවසීය.

ඉන්දියානු රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් හෙට (27) මෙරටට පැමිණීමට නියමිතය.