― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසති දෙකකට වරක් ඖෂධ මිල සංශෝධනය කෙරේ

සති දෙකකට වරක් ඖෂධ මිල සංශෝධනය කෙරේ

සති දෙකකට වරක් ඖෂධ මිල සංශෝධනය සිදු කිරීමේ තීරණය ක්‍රියාවට නංවා තිබේ.

එම අවස්ථාවේ පවතින ඩොලරයේ අගයට සාපේක්ෂව මෙම මිල සංශෝධනය සිදුවන අතර ඖෂධ මිල ගණන් පා කරන්නැයි විවිධ පාර්ශ්ව කරනු ලබන ඉල්ලීම්වලට තමා කිසිසේත් එකඟ නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

ඩොලරයේ අගයට සාපේක්ෂව, මිල ගණන් සංශෝධනය කරමින් රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත පැවසුවේ දැනට ඖෂධ වර්ගවලින් 40%ත් 60% ත් අතර ප්‍රමාණයක් ගැසට් මඟින් මිල පාලනය වන බවය. රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාමත් සමග ඖෂධ මිල 29% කින් ඉහළ දැමීමට මීට පෙර කටයුතු කළ බව ඔහු පැවසුවේය.