― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසයින්දමරුදු පිපිරීමෙන් මියගිය මළ සිරුරු ගොඩගන්න අවසර

සයින්දමරුදු පිපිරීමෙන් මියගිය මළ සිරුරු ගොඩගන්න අවසර

පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් සම්බන්ධ DNA පරීක්ෂාව සඳහා 2019 අප්‍රේල් 26 සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් හෙට (27) යළි ගොඩ ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, සයින්දමරුදු පිපිරීමෙන් වැඩිහිටියන් හා ළමයින් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙන බවට විමර්ශනවලදී නිරීක්ෂණය වූවද එම ස්ථානයේ සිටි පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයේ කොටස් එහි තිබෙන බවට DNA පරීක්ෂණයේදී අනාවරණය නොවූ බවයි.

අවස්ථා 2කදී කරන ලද පරීක්ෂණවලදී මෙය අනාවරණය නොවූ බැවින් නැවත වරක් මෘත ශරීර කොටස් ගොඩ ගෙන පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් තීරණය කර ඇත.

පොලිසීය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ඒ සඳහා කළ ඉල්ලීමට කල්මුණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලැබුණු බවයි.

ඒ අනුව හෙට (27) උදෑසන අම්පාර පොදු සුසාන භූමියේදී එම මෘත ශරීර කොටස් නැවත DNA පරීක්ෂණය සඳහා ගොඩ ගැනීමට නියමිත ය.

මෙම ගොඩ ගැනීම අම්පාර ගරු මහේස්ත්‍රාත්තුමියගේ සහභාගීත්වයෙන් සිදු වන බවත් මුල් අවස්ථාවලදී විමර්ශනය සඳහා සම්බන්ධ වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ සියලු පෙර පොලිස් විමර්ශන නිලධාරීන් ද සමග රජයේ රස පරීක්ෂක නිලධාරීන් ද ඊට සහභාගී වන බව ත් පොලිසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.