31.7 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුවට විරෝධය පා හෙට තැපැල් වර්ජනයක්

ආණ්ඩුවට විරෝධය පා හෙට තැපැල් වර්ජනයක්

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉදිරි පැය 24ක කාලය තුළ දිවයිනේ කිසිදු තැපැල් සේවාවක් ක්‍රියාත්මක නොවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ දැනුම් දෙයි.

ඒ ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බල කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනයට සමගාමීවයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රි 12ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයිනේ තැපැල් කාර්යාල 653ක සහ උප තැපැල් කාර්යාල 3410ක සමස්ත සේවකයින් සේවයෙන් ඉවත්වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.