25.6 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාව පීඩාවට පත්කරන වැඩ වර්ජනවල තේරුමක් නැහැ - දිලුම් අමුණුගම

ජනතාව පීඩාවට පත්කරන වැඩ වර්ජනවල තේරුමක් නැහැ – දිලුම් අමුණුගම

තමන් වැනිම දුප්පත් ජනතාව පීඩාවට පත් කරමින් සිදු කරන වැඩ වර්ජනවල කිසිදු අර්ථයක් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

හෙට (28) දිවයින පුරා පැවැත්වීමට නියමිත වැඩවර්ජන මාලාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඊට සහය දක්වමින් පොදු ප්‍රවාහනය තුළ වැඩ වර්ජනයක් සිදු නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේය.

දුම්රිය හා බස් රථ වෘත්තීය සංගම් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළ බවත් ඒ හරහා එකඟතාවකට පැමිණි බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

මේ මොහොතේ වර්ජනය කිරීමෙන් අපහසුතාවට පත් වන්නේ දුප්පත් මහජනතාවම බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ, වර්ජකයින්ගේ පණිවිඩය ජනාධිපතිවරයා හා අගමැතිවරයා තේරුම් ගැනීමට උත්සාහ කරමින් යම් යම් විසඳුම්වලට එළැඹීමට තීරණය කර ඇති බවත්ය.