27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුවේ තවත් 10ක් අගමැතිට එරෙහි වෙයි

පොහොට්ටුවේ තවත් 10ක් අගමැතිට එරෙහි වෙයි

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු යැයි තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කළ බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශක්තියක් වීමට තමයි අපි ඒ කණ්ඩායම් රැස්වීම තිබ්බෙ. හැබයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොච්චර හයිය දෙන්න හැදුවත් සමස්ත ආණ්ඩුවටම විරුද්ධව මතයක් ඇතිවෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දරණ මතය තමයි ජනාධිපතිතුමාට ඕනෑම පක්ෂයක අය එකතු කරගෙන ආණ්ඩුවක් හදන්න අවස්ථාව දෙන්න ඕනෑයි කියන එක. අගමැතිතුමා වෙන්න පුළුවන්, සමස්ත කැබිනට් මණ්ඩලය වෙන්න පුළුවන්, රාජ්‍ය ඇමතිවරුන් වෙන්න පුළුවන් අපි සියලු දෙනාම අයින්වෙලා ජනාධිපතිතුමාට මේ අවස්ථාව දෙන්න ඕනෙ. හෙට දවසේදී ජනාධිපතිතුමා පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම රැස්කරනවා. බහුතර මන්ත්‍රී කණ්ඩායමක්ම ලෑස්තියි ජනාධිපතිතුමාට වුවමනා ආකාරයට මේක කරගන්න අවස්ථාව ලබාදෙන්න. අද අපි කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකුත් රාජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙකුත් ගිහිල්ලා ජනාධිපතිතුමාට මේ යෝජනාව කළා. 10 දෙනෙක් විතර ගියා. මේක කල් අරින්න බෑ, මේක අද හෙටම වෙන්න ඕනෑ.”