― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහින්ද ඉල්ලා අස්නොවෙන හේතුව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි

මහින්ද ඉල්ලා අස්නොවෙන හේතුව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු රට අරාජික වීමට ඉඩ ඇති නිසා බව මහින්ද රාජපක්ෂ පැවසූ බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

ඕමල්පේ සෝභිත හිමියන් මේ බව පැවසුවේ මහානායක හිමිවරුන් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (26) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අග්‍රාමාත්‍යතුමා කියනවා මා ඉල්ලා අස්වෙන්නම්, කිසිම ප්‍රශ්නයක් නෑ, ඒකට මම සූදානම්. ඉල්ලා අස්වීමට මම සූදානම්. එහෙත් ඒ ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවෙන හිඩැස පිරවීමට කල්ගත වුණාම රටට රාජ්‍ය පාලනයක් නැතිවෙනවා. මෙන්න මේ වැකුම් එක හෙවත් හිස්තැන පුරවන්න කොච්චර කල් යනවද? ඒ කාලසීමාව තුළ රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා කියලා. අපි කිව්වා ජනාධිපතිවරයාට තියෙන විධායක බලතල යටතේ රටේ පරිපාලනය මෙහයවාගන්න පුළුවන් කියලා. නමුත් අග්‍රාමාත්‍යතුමා දිගින් දිගටම කිව්වා ජනාධිපතිතුමාගේ බලතල යටතේ පවත්වන්න බෑ රට. අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ඉවත්වෙනවිට රට අස්ථාවර වෙනවා කියලා. රට අස්ථාවර වුණොත් මේ තියෙන තත්වය භීෂණයක් බවට පත්වෙයි, තවත් අර්බුද පහළ වෙයි. ඒ නිසා මා ඉල්ලා අස්වෙනවා කිසිම සැකයක් නෑ, ඒකාන්තයි. පාර්ලිමේන්තුවේ අනෙක් සියලුම පක්ෂ එකඟ කරගෙන ඊළඟ පියවර තබන හැටි ස්ථිරවම තීරණය කරන්න. ඒ කියන්නෙ අග්‍රාමාත්‍යවරයෙක් පත්කරගැනීම සඳහා ඒකමතික තීරණයකට එන්න. අග්‍රාමාත්‍යවරයා කවුද, ඔහු පත්කරන විදිය පිළිබඳ ඒකමතිකත්වයකට එන්න, තමන් තමන්ගේ පදවියෙන් ඉවත් වෙන්න සූදානම් කියන එක තමා එතුමා කිව්වෙ. දැන් අපි මේ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් සමග නැවත සාකච්ඡා කරනවා. පක්ෂ නායකයින්ගේ එකමුතුවක් හදාගෙන ඉතාමත්ම ඉක්මනින් මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ වගකීම පෙරටුකොටගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.