27.2 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුධිරය එකතු කරන බෑග්වල හිඟයක්

රුධිරය එකතු කරන බෑග්වල හිඟයක්

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිරය එකතු කරන බෑග් හිඟයකට මුහණ දී සිටින බවත් එසේ වුවද හදිසි ශල්‍යකර්ම සහ ප්‍රතිකාර සඳහා රුධිර සංචිත පවතින බවත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පැවසීය.

රුධිරය එකතු කරන බෑග්වල හිඟය හේතුවෙන් රුධිර සංචිතවල යම් අඩුවක් පවතින බවත් රුධිරය එකතු කරන බෑග් වර්ග හතරෙන් එක් බෑග් වර්ගයක පමණක් දැඩි හිඟයක් මේ වනවිට උද්ගතව ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

බෑග් ලබාදීමට සෞඛ්‍ය සැපයුම් අංශය ප්‍රමුඛතාව ලබාදීමට පොරොන්දු වී ඇති බවත් ඉතාම ඉක්මනින් බෑග් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කීය.