― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසර් ඔයා ෆේල්.. අපිට ඔයත් එපා... අයියත් එක්ක ඔයත් ගෙදර යන්න -...

සර් ඔයා ෆේල්.. අපිට ඔයත් එපා… අයියත් එක්ක ඔයත් ගෙදර යන්න – හරීන්

“සර් ෆේල් කියලා මතක් කරලා දෙන්න කැමතියි. කෙසේ වෙතත් මේ වෙලාවේ කියන්න පුලුවන් වෙන්නේ කිරි බබා කැබිනට් එකත්, මයිනා වන අයියාවත් ඉවත් කරන්න යනවා තමන් බේර ගන්න. ඒත් අපි ඔයත් එපා සර්. ඔයත් යන්න ඕනී.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජන පීඩකයන් එළවන සමගි බල පා ගමනේ දෙවැනි දිනයට අද (27) එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු,

මේ ගමනේ දෙවැනි දවස වෙනකොටම මේ ආණඩුවේ ජනාධිපතිවරයා තමන්ගේ මයිනා සහෝදරයාටත්, කිරි බබා කැබිනට් එකටත් යන දෙකටම ගෙදර යන්න කියලා. අපි මුල ඉදලම මේ ඇස් බැන්දුම ගැන කිව්වා කිරි බබාලා ටිකක් ඉස්සරහට දාලා මේ රට තවත් විනාශට ගේන යනවා කියලා.

තවමත් බේරෙන්න උත්සහ කරන්න රාජපක්ෂ දෙදෙනාටම, පවුලටම කියන්නේ ඔවුන් නැති ආණ්ඩුවකට තමයි අපි එකතු වෙන්නේ. අපි මේ ගැන දැනුම් දෙනවා අපේ නායකතුමා සාකච්ඡා කළාට පස්සේ.

කෙසේ වෙතත් මේ වෙලාවේ කියන්න පුලුවන් වෙන්නේ කිරි බබා කැබිනට් එකත්, මයිනා වන අයියාවත් ඉවත් කරන්න යනවා තමන් බේර ගන්න. ඒත් අපි ඔයත් එපා සර්. ඔයත් යන්න ඕනී. සර් ෆේල් කියලා මතක් කරලා දෙනවා.”