29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalසුදර්ශනීත් ජනපතිට, අගමැතිට Go Home කියයි

සුදර්ශනීත් ජනපතිට, අගමැතිට Go Home කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරවලින් ඉවත් වී නව ජනාධිපතිවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යටතේ ආණ්ඩුවක් සෑදීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් දේශපාලන පක්ෂ සූදානම් නොමැති බවත් රටේ පවතින තත්වය හමුවේ තමා ඉතා සංවේදී වන අතර රටේ ජනතාවගෙන් තමා සමාව ඉල්ලා සිටින බවත් පැවසුවාය.

අද වනවිට රටේ දැවැන්ත ඖෂධ හිඟයක් ඇති බවත් එය ඉදිරියේදී තවත් වර්ධනය වන බවත් එහිදී අවධාරණය කළාය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේද පසුගියදා ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකාවකි.