30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ක්‍රිකට් පුහුණුකරුවන් 14ක් පත් කෙරේ

නව ක්‍රිකට් පුහුණුකරුවන් 14ක් පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව පුහුණුකාර පත්වීම් 14ක් පිරිනමා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් නෙදර්ලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන ඇන්ටන් ඇන්ටන් රූක්ස් පත් කර ඇති අතර ඔහු නෙදර්ලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුද වෙයි.

මාර්තු 07 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි රූක්ස් ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ඇත.

පිතිකරණ පුහුණුකරු ලෙස මලින්ද වර්ණපුර, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සජීව වීරකෝන් සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුවන් කල්පගේ සහ සහාය පුහුණුකරු ලෙස රුවින් පීරිස් පත් කර ඇති අතර එම කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන සහ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස දර්ශන ගමගේ පත් කර ඇත.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් සහ සහාය පුහුණුකරු සහ පිතිකරණ පුහුණුකරු ලෙස සම්පත් පෙරේරා පත්කර තිබේ.