32.2 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාරිභෝගික අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

පාරිභෝගික අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

භාණ්ඩ අලෙවියේදී නිවැරදි දත්ත අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, නිෂ්පාදකයින්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් හෝ වෙළෙඳුන් විසින් මිලදී ගෙන බහාලුමක, ගුදමක, සයිලෝවක, ව්‍යාපාරික ස්ථානයක හෝ කුමන හෝ ස්ථානයක තබාගෙන සිටින භාණ්ඩවලට අදාළවයි.

ඒ අනුව අදාළ භාණ්ඩ තමාට සැපයූ නිෂ්පාදකයෙකු, සැපයුම්කරුවෙකු, බෙදාහරින්නෙකු, ගබඩාකරුවෙකු හෝ වෙළෙඳුන් ලිඛිත හෝ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් කරන කුවිතාන්සියේ හෝ බිල්පතේ හෝ ඉන්වොයිසියක් තම සන්තකයෙහි, පාලනයෙහි හෝ භාරයෙහි තබා ගත යුතුයි.

ඊට අමතරව අදාළ භාණ්ඩ ලබාදිය හැක්කේ එම කුවිතාන්සියේ හෝ බිල්පතේ, භාණ්ඩ සැපයුම්කරුගේ නම සහ ලිපිනය, මිලට ගත් දිනය, ගැණුම් මිල, භාණ්ඩ වර්ගයේ නම, ප්‍රමාණය සහ කාණ්ඩ අංකය ඇත්නම් පමණයි.

එම තොරතුරු ඇතුළත් නොවන භාණ්ඩ, විකිණීම, ගබඩා කිරීම, රැස්කර තබාගැනීම, බෙදාහැරීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව, පාරිභෝගික කටයුතු අධිකාරිය එම ගැසට් නිවේදනයෙන් දැනුම් දෙයි.