29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනාමල්ගේ අයථා මුදල් නඩුවට දින නියම වෙයි

නාමල්ගේ අයථා මුදල් නඩුවට දින නියම වෙයි

නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් 14 වැනිදාදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ එම නඩුව අද කැඳවනු ලැබූ අතර ඒ සඳහා නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් 14 වැනිදා කැඳවීමට නියම කළ අතර සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසිද නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ එම නඩුව ගොනුකර තිබුණි.