29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහ බැංකුව විදෙස්ගත ලාංකිකයන්ගෙන් සහය පතයි

මහ බැංකුව විදෙස්ගත ලාංකිකයන්ගෙන් සහය පතයි

විදේශ විනිමය සංචිත පහත වැටීම නිසා ජනතාව මුහුණදෙනු ලබන දුෂ්කරතා අවම කිරීමට විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලින්ගෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

එලෙස ලැබෙන විදේශ විනිමය පරිත්‍යාග ඖෂධ, ඉන්ධන, ආහාර වැනි බෙහෙවින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිත කරන බවට සහතික වන බව සිය ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් එක් කරමින් මහ බැංකුව අවධාරණය කළේය.

මෙම විදේශ විනිමය ලැබීම් සහ ඒවායේ භාවිතය, විනිවිදභාවයෙන් පවත්වාගෙන යෑම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 03 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර තිබේ.

පරිත්‍යාග පිළිබඳ තොරතුරු ([email protected]) විද්‍යුත් තැපෑලෙන් හෝ 076 83 15 782 යන වට්ස්ඇප් අංකයට පණිවුඩයක් එවීමෙන් ලබාගත හැකි බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ අතර ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි විකිණීමට ඉදිරිපත් කරන සෑම භාණ්ඩයකම සැපයුම්කරුගේ නම, ලිපිනය, දිනය, ගැණුම් මිල, භාණ්ඩ වර්ගයේ නම, ප්‍රමාණය යන තොරතුරු වෙළදුන් සතුව තිබිය යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.