25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅද සාකච්ඡා සාර්ථකයි - මෛත්‍රීපාල සිරිසේන

අද සාකච්ඡා සාර්ථකයි – මෛත්‍රීපාල සිරිසේන

අද (29) ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11ක නායකයින් සාකච්ඡාවක නිරත වූ අතර එහිදී මම එකඟතාවන්ට එළඹී තිබේ.

නව අග්‍රාමාත්‍යවරයෙකු සහ නව අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට මෙන්ම රට පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාට සහ නව අමාත්‍ය මණ්ඩලයට සහය වීම සඳහා ජාතික සභාවක් පත් කිරීමටත් එහිදී එකඟ වූ බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.