― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඋද්ඝෝෂණ කිරීමෙන් රට තවත් අගාධයට යනවා - ප්‍රසන්න රණතුංග

උද්ඝෝෂණ කිරීමෙන් රට තවත් අගාධයට යනවා – ප්‍රසන්න රණතුංග

පවතින ආර්ථික අර්බුදයට උද්ඝෝෂණ තුළින් මෙන්ම කලහකාරී හැසිරීම් තුළින් විසඳුම් ලබා දීමේ හැකියාවක් නොමැති බවත් මෙම සිදුවීම් නිසා සංචාරකයින්ගේ පැමිණීම අඩු වී ඇති බවත් මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

සමාජයේ පහළ ස්ථරයේ සිටින පුද්ගලයාගේ සිට ඉහළ ස්ථරයේ ජීවත් වන පුද්ගලයා දක්වා ආදායම් ඉහළ යාමට නම් සංචාරකයින් මෙරටට පැමිණිය යුතු බවත් ඩොලර් අර්බුදයට විසඳුමක් ලබා ගත හැක්කේ ඒ හරහා පමණක් බවත් අමාත්‍යවරය ප්‍රකාශ කළේය.

මේ වෙලාවේදී තරුණයින්ට ලොකු වගකීමක් තියෙනවා අනාගතයට මේ රට භාර දෙන්න. ඒ සඳහා අපි සියලු දෙනාගේම කැපකිරීම් කරන්න අවශ්‍යයි. මේ ආර්ථික අර්බුදයට උද්ඝෝෂණ තුළින් ඒවගේම කලහකාරී හැසිරීම් තුළින් විසඳුම් ලබා දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයින් වෙන්නේ තව මේ රට අගාධයට පත්වීම පමණයි. මේ අර්බුදයට විසඳුමක් සපයන්න පුළුවන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව,ව්‍යවස්ථානුකූලව අපි කටයුතු කිරීමෙන් පමණයි. මේ රටේ විද්වතුන්ගේ මතයත් එයයි. රජයක් පෙරලනවා නම් ඒක ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු දෙයක්. ඒ සඳහා අපි හැමෝටම අයිතියක් තිබෙනවා. නමුත් අද මේ රට පත්වෙලා තිබෙන තත්ත්වය තුළින් අපිට මේ කලහකාරී ලෙස හැසිරිලා සමාජය පීඩාවට පත්වෙන ආකාරයට කටයුතු කිරීමෙන් වෙන්නේ මේ රට තව තවත් ආගාධයට වැටීම. ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර අතට පත්වීමයි. ඒ නිසා අපි සියලු දෙනාම එක්කහු වෙලා මේ රට ගොඩගන්න කටයුතු කරමු කියල තරුණයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.”