28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්සත් ජාතීන්ගේ මහලේකම් යුක්‍රේනයේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ මහලේකම් යුක්‍රේනයේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් යුක්‍රේනයේ කියුව් අගනුවර සංචාරයක නිරත වී තිබේ.

යුක්‍රේනයේ යුද්ධය වැළැක්වීමට හෝ අවසන් කිරීමට ආරක්ෂක කවුන්සිලය අපොහොසත් වූ බවත් එය ඉතා කළකිරීමක් සහ කෝපයක් ඇති කරන්නනක් බවත් එහිදී අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර ඇත.

ඔහුගේ මෙම සංචාරය අතරතුරදී රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී සිදුව ඇති හානි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

මහ ලේකම්වරයා එහිදී යුක්‍රේන ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්‍රේනයේ ජනතාව අත්නොහරින බවය.