23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSocialඔයාලගේ පුත්තු සැපෙන් ඉන්න හින්දාද මේවා දැනෙන්නේ නැත්තේ?

ඔයාලගේ පුත්තු සැපෙන් ඉන්න හින්දාද මේවා දැනෙන්නේ නැත්තේ?

විරෝධතාවල නිරත ජනතාව තවමත් සාමකාමීව කටයුතු කරන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි.

අද (29) අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධාවට එක්වූ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළාය.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිදු කළ ප්‍රකාශයට ඇය සැර ප්‍රකාශයක්ශ සිදු කළාය.

එම ප්‍රකාශය පහතින්,

ඒ අස්සේ මහින්ද මහත්තයා කියනවා යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ ලු. යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හැදුවේ ඔයගොල්ලෝ නෙමෙයි. අපි. ඔබතුමන්ලා යක්කුන්ට බය නැත්නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා ලොකු චණ්ඩිකම් කතා කරන්න එපා. එහෙම නම් එන්න මෙතනට. බය නැත්නම්. බහින්න මිනිස්සු අතරට.

මේ මොකක් ද මේ ලැජ්ජා නැති වැඩේ? මිනිස්සුන්ව මෙහෙම පාවලා දුන්නා, මුළු රටක් ම. දැන්වත් දැනෙන්නේ නැද්ද ඔය හිත්වලට? ඔයගොල්ලන්ගේ පුත්තු සැපෙන් ඉන්න හින්දාද මේවා දැනෙන්නේ නැත්තේ? අනිත් දරුවෝ බඩගින්නේ. ඒක දැනෙන්නේ නැද්ද? මේ කියන්නේ මොකක් ද කියලා ඇත්තට ම කාලකන්නි දේශපාලනඥයින්ට දැනෙන්නේ නැද්ද? කරුණාකරලා මේ ඉල්ලන ඉල්ලීම ඉෂ්ට කරන්න.

අද ගෑස් එක එක පාරට දෙදාස් ගාණකින් වැඩි කරනකොට, පෙට්‍රල් ඩීසල් දෙසීය තුන්සීයකින් වැඩි කරනකොට, මිනිස්සු මෙහෙම නෙමෙයි පාරට බහින්න ඕනේ ඔයගොල්ලන්ට විරුද්ධව. තවමත් මිනිස්සු හරිම සාමකාමීයි.”