― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical"ඔළුවේ අමාරුව තියෙන මිනිහට ඇඟේ අමාරුවට බෙහෙත් දීලා හරි යන්නේ නෑ" -...

“ඔළුවේ අමාරුව තියෙන මිනිහට ඇඟේ අමාරුවට බෙහෙත් දීලා හරි යන්නේ නෑ” – නාමල් රාජපක්ෂ

රටේ ප්‍රශ්න සඟවාගෙන සිටීමෙන් පලක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ රටේ ප්‍රශ්න විසඳීමට සෘජු තීරණ ගත යුතු බවත් ඒවාට කඩිනමින් විසදුම් සැපයිය යුතු බවත්ය.
ජනපති, අගමැති හෝ විපක්ෂ නායක යන ඕනෑම කෙනෙක් සෘජු තීරණ ගෙන ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.
තවද ඔහු පැවසුවේ ඔළුවේ අමාරුවක් තිබෙනවානම් ඇගේ අමාරුවට බෙහෙත් ලබාදී වැඩක් නැති බවයි.
ඔහු තවදුරටත් මෙලෙස පැවසුවා.

එදා කිව්වේ ජේ.ආර්. මරමු කියලා. බෝඩ් ගැහුවා. ඒවට කලබල වෙන්නේ නැතුව මම හිතන්නේ ඒ අය එහෙම කියන්නේ ඇයි කියන එක සොයා බලන්න ඕනේ කියලයි.