27.2 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

මැයි මස අවසානයේදී පවතින ගෑස් හිඟය තුරන් කිරීමට හැකි වනු ඇතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්‍රෝ සමාගමට මෙන්ම ලාෆ්ස් සමාගමටත් අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන බවත් ඉන්දියානු රජයේ මැදිහත්වීම අනුව තවත් සැපයුම්කරුවන් කිහිපදෙනකු තෝරා ගැනීමටද කටයුතු සැලසුම් කර ඇති බවත් අමාත්‍ය ශෙහාන් සේමසිංහ අවධාරණය කළේය.

ගෑස් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින්ද අ‌මෙරිකානු ඩොලර් මිලියන 90ක් ලබා දීමට නියමිතව ඇත.

ඉදිරියේදී නාගරික ප්‍රජාවට ප්‍රමුඛතාව දී ගෑස් බෙදා හැරීම සිදු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ගෑස් පාරිභෝගිකයින්ගෙන් සියයට 25ක් නගරාසන්නව වෙසෙන ජනතාව වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේවෙතත් මීට පෙර දෛනික ගෑස් සිලින්ඩර් 60,000ක් වෙළෙදපොළට සැපයුවද ඉදිරියේදී එම සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කිරීමට සිදුවන බව ලිට්‍රෝ සමාගම පැවසුවේය.