29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෝඨාභයයි, මහින්දයි කියන්නේ අලි සබ්රිගේ වහල්ලු - ඕමල්පේ සෝභිත හිමි

ගෝඨාභයයි, මහින්දයි කියන්නේ අලි සබ්රිගේ වහල්ලු – ඕමල්පේ සෝභිත හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අලි සබ්‍රි ඇමතිවරයාගේ වහල්ලු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (29) බහුජන සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන්ගේ එකමුතුව විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මහත් සාඩම්බරයෙන් තමන්ව බලයට පත්කළ සිංහල බෞද්ධ බලවේගය ගැන කතා කළද රට වැටී තිබෙන අස්ථාවර භාවයෙන් මිදීම සඳහා මහනා හිමිවරු කර තිබෙන යෝජනා ගැන කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවද සොභිත හිමියෝ සඳහන් කළහ.

අලි සබ්‍රි වැනි එක් පුද්ගලයෙක් වටා රාජ්‍ය පාලනය ගැන බරපතල තීන්දු ගැනීම සීමා කර ඇත්තේ රාජපක්ෂ පවුලේ ප්‍රශ්න විසඳීම අලි සබ්‍රි විසින් භාර ගැනීම නිසාද යන්න උන්වහන්සේ එහිදී විමසා සිටියහ.

එක් පුද්ගලයෙක් වටා සමස්ත ශ්‍රී ලංකාවේ ආර්ථික බලය මෙන්ම අධිකරණ බලය ගොනු කිරීම ගැන සියලුම දෙනා ලැජ්ජාවට පත්විය යුතු බවත් එලෙස බලය තබා ඇත්තේ කප්පමක් වශයෙන්ද යන්න පිළිබඳව තමන් වහන්සේ ප්‍රශ්න කර සිටින බවත් උන්වහන්සේ අවධාරණය කළේය.