26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් මිල සූත්‍රයට කංචනගේ අනුමැතිය

තෙල් මිල සූත්‍රයට කංචනගේ අනුමැතිය

ඉන්දියන් ඔයිල් සමාගමට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දීම සඳහා කටයුතු කිරීමට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (28) පාර්ලිමේන්තු කාරක සභාවේදී එකඟතාවය පළ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ පවතින බලශක්ති අර්බුදය සඳහා බලපා ඇති හේතු සහ පැවති කළමනාකරණ දුර්වලතා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බවයි.

විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු නැවක් සඳහා ඊයේ (28) මුදල් ගෙවීම් සිදු කර ඇති අතර ඒ අනුව ලබන සැප්තැම්බර් මස දක්වා මෙරට විදුලි ජනනයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණවත්ය.