27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවත්තල උණුසුම් කරමින් නගර සභා ලේකම්වරිය කලු තෙල්වලින් නාවපු හැටි

වත්තල උණුසුම් කරමින් නගර සභා ලේකම්වරිය කලු තෙල්වලින් නාවපු හැටි

වත්තල මාබෝල නගර සභාවේ ලේකම්වරියට පිරිසක් විසින් කළුතෙල් ප්‍රහාරයක් එල්ල කර පලාගොස් තිබෙනවා.
ඒ මෙවර පැවති මාසික මහ සභා රැස්වීම පවත්වාගෙන යන අතරතුරදියි.
ඊයේ (28 දා) වත්තල නගර සභාවේ සභාපති මාක් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම පවත්වා තිබෙනවා.
මෙහි කටයුතු තාවකාලිකව නතර කර දැමීමට සභාපතිවරයා කටයුතු කර ඇති අතර එහිදී සභාව පාලනය කිරීමට ඔහුට දැඩි උත්සාහයක් ගැනීමට සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවයි නගර සභාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ.
කලුතෙල් ප්‍රහාරයට ලක්වූ ලේකම්වරිය ප්‍රතිකාර සඳහා මේ වනවිට වත්තල පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.