27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඅගමැතිකමට වඩා සුදුස්සා ඩිලාන්ගෙන් දැනගමු

අගමැතිකමට වඩා සුදුස්සා ඩිලාන්ගෙන් දැනගමු

රටේ ගැටළුවට කෙටිකාලීනව ලබාදිය හැකි ප්‍රායෝගිකම විසඳුම පොහොට්ටුවේ අලුත් අගමැතිවරයකු යටතේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම බවත් ඒ සඳහා වඩාම සුදුස්සා ඩලස් අලහප්පෙරුම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු ඩිලාන් පෙරේරා පැවසීය.

අගමැතිවරයකු පත් කිරීමේ වැඩිම අවස්ථාවක් ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී වැඩිම ජනවරම ලැබූ පොහොට්ටු මන්ත්‍රීවරයාට බව ඔහු අවධාරණය කළේය.

උද්දච්චකම්, ඔලමොට්ටලකම්, ආඩම්බරකම් සමහරුන්ගේ තිබූ බවත් ඒ වැරදි වටහාගෙන මේ මොහොතේ කළ හැකි හොඳම දේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම බවත් ඔහු ප්‍රකාශ කළේය.