26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුවට අද තීරණාත්මක දවසක්!

ආණ්ඩුවට අද තීරණාත්මක දවසක්!

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම සහභාගී වෙයි. ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් යෝජනාවලියක් දැනටමත් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාවලියද එහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

අන්තර්වාර පාලනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟත්වය පළ කර ඇති බවත් අන්තර්වාර පාලනය සියලු පක්ෂවලින් සැදුම්ලත් එකක් විය යුතු බවත් එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කර තිබේ.

අන්තර්වාර පාලනය ආණ්ඩුවෙන් ඉවත් කෙරුණු මන්ත්‍රීවරුන්ගෙන් පමණක් සකස් වන්නේ නම් ඉන් ප්‍රතිඵලයක් නොලැබෙන බව ඔහු අවධාරණය කරයි.