26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන බෙදාහැරීම ගැන බලශක්ති ඇමතිගෙන් නිවේදනයක්

ඉන්ධන බෙදාහැරීම ගැන බලශක්ති ඇමතිගෙන් නිවේදනයක්

ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සහ ඩිපෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

දුම්රිය, රජය සතු බවුසර් සහ පෞද්ගලික බවුසර් යොදාගනිමින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව අමාත්‍යවරයා එම ට්විටර් නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා තිබේ.

එමෙන්ම වර්ජනයේ යෙදී සිටින ඇතැම් පෞද්ගලික කුලී බවුසර් සාමාජිකයින් බෙදාහැරීම් ආරම්භ කර ඇති ටැංකිවලට බාධා කරන බවට හඳුනාගෙන ඇති බව එම සටහනේ වැඪිදුරටත් දැක්වෙයි.