― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදිවයින පුරා යළි තෙල් පෝලිම්

දිවයින පුරා යළි තෙල් පෝලිම්

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මේ වනවිට ක්‍රියාත්මක වේ.

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹ තිබේ.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පිරවුම්හල් මේ වනවිට වසා දමා ඇති බව සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පැවසීය.

ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් දුම්රිය මගින් 40%ක ඉන්ධන ප්‍රවාහනය තවදුරටත් පුළුල් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගාස්තු සංශෝධනය කිරීම මගින් ඩිපෝ වෙනුවෙන් අවශ්‍ය සියලුම ඉන්ධන තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමටද තීරණය කර ඇත.

මේ අතර, මෙතෙක් ලියාපදිංචි කිරීමට නොහැකි වූ නව රථ සඳහා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත ආයතනයේ ප්‍රවාහන මිල ගණන්වලට බලපත්‍ර ලබා දීම සහ බලපත්‍ර නිකුත් කරන කාලය අවම කිරීමට පැය 24 පුරා නිලධාරී මණ්ඩලයක් යෙදවීමට ද තීරණය කර තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ ඊට අවශ්‍ය ක්‍රියාවලිය සිදු කිරීම මඟින් සතියක් තුළ නව බලපත්‍ර ලබා දීමට පියවර ගන්නා බවයි.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට හිමි බවුසර් රථ වෙනුවෙන් වෙනම තෙල් බෙදා දීමේ පර්යන්ත වෙන් කිරීම සහ ඔවුන්ට වෙනත් ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමුතාවය මත ගමන් වාර ලබා දීමටද තීරණය කර තිබේ.