32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනවසීලන්තය සංචාරකයින්ට විවෘත වෙයි

නවසීලන්තය සංචාරකයින්ට විවෘත වෙයි

විදෙස් සංචාරකයින් සඳහා සිය දේශසීමා යළි විවෘත කිරීමට නවසීලන්තය කටයුතු කර තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් එරට දේශසීමා වසා දමා වසර දෙකකට අධික කාලයකට පසු මෙලෙස රට විදේශිකයින් වෙත විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කොරෝනා ආසදනය නොවුණු සහ එන්නත්කරණයට ලක් වුණු රටවල් 60කට අධික විදේශිකයින්ට නවසීලන්තයට ඇතුළු වීමට හැකියාව ලැබෙනු ඇත.

නවසීලන්තය මාර්තු මාසයේ සිට එරට පුරවැසියන්ට රටින් ඇතුළු වීමට සහ පිටතට යාමට අවසර ලබා දී තිබුණු අතර අප්‍රේල් මාසයේ සිට ඔස්ට්‍රේලියානුවන්ටද ඇතුළු වීමට අවසර ලබා දුන්නේය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නවසීලන්තය 2020 වසරේ මාර්තු මාසයේදී සිය දේශසීමා වසා වසා දැමීමට කටයුතු කළේය.