― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපෞද්ගලික රෝහල් හදිසි සැත්කම්වලට පමණක් සීමා වෙයි

පෞද්ගලික රෝහල් හදිසි සැත්කම්වලට පමණක් සීමා වෙයි

දිවයින පුරා පෞද්ගලික රෝහල්වල ඖෂධ වර්ග හිඟවීම නිසා හදිසි ශල්‍යකර්ම පමණක් කිරීමට රෝහල් සහ සාත්තු නිවාස පෞද්ගලික සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව මේ වනවිට දිවයින පුරා පෞද්ගලික රෝහල් 200ක ඖෂධ වර්ග 76ක හිඟයක් පවතී. ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ හිඟය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය හා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව දැනුවත් කර ඇති බව එම සංගමයේ සභාපති ආචාර්ය ආන්නද කුරුප්පුආරච්චි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම රට තුළ මේ වන විට පවතින උග්‍ර ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් දිනෙන් දින අවදානමට ලක්වෙමින් පවතින අහිංසක රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා හැකි ඉක්මනින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට පරිත්‍යාග කරන ලෙසත් එම සංගමය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් දානපතියන්ගෙන් ඉල්ලා සිටියි.

විදෙස් සංචිත සිඳීයාමත්, ඩොලර් හිඟයත් හේතුවෙන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීම බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි කියන එම සංගමය මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත රෝහල් පද්ධතියම දැඩි අර්බුදයකට මුහුණදී තිබෙන බවද පවසයි.