― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalමහින්ද කියන්නේ ඕනෙම වේලාවක තනතුරු අත්හරින්න සූදානම් මිනිහෙක්

මහින්ද කියන්නේ ඕනෙම වේලාවක තනතුරු අත්හරින්න සූදානම් මිනිහෙක්

මහින්ද රාජපක්ෂ යනු ඉතාම දුෂ්කර අභියෝග බාරගෙන ජයග්‍රහණය කළ සහ ඕනෑම වේලාවක තනතුරු අත්හරින්න සූදානම් මිනිසෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මහින්ද රාජපක්ෂ කියන්නේ ඉතාම දුෂ්කර අභියෝග බාරගෙන ජයග්‍රහණය කරපු සහ ඕනෑම වේලාවක තනතුරු අත්හරින්න සූදානම් මිනිහෙක්. එතුමා 2015 පැරදිලා ගෙදර ගියා එතුමා දේශපාලනයෙන් අයින්වෙලා. දිනපු මෛත්‍රීපාල ළඟට කවුරුත් ගියේ නෑ. පැරදුන මහින්ද රාජපක්ෂ ළඟට ගිහින් මිනිස්සු කිව්වා, සර් දේශපාලනයට ඇවිත් ආපහු රට බේර ගන්න එන්න මෛත්‍රීපාල ගොයියා හොඳ නෑ කියලා. එතුමා තනතුරු අත්හැරපු කෙනෙක් රට වෙනුවෙන්. එතුමාට මේ අගමැතිකම ලොකු නෑ. එතුමා අගමැතිකමින් අනිවාර්යයෙන්ම අයින් වෙයි . බැහැයි එතුමාට අපි නිවැරදිව කියන්න ඕනේ මෙන්න මේකයි සැලැස්ම කියලා. මම වුණත් ගත්තොත් හෙට හදන අන්තර්වාර පාලන මණ්ඩලයේ අගමැතිකම සජිත් ප්‍රේමදාසට මම දෙන්නේ නෑනේ. මම බෑ කියනවා. හැබැයි ඒ අන්තර්වාර පාලන මණ්ඩලයේ අගමැතිකම ඩලස් අලහප්පෙරුම නම් මම හා කියනවා.