― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමෙරට විනාශයට වගකිව යුත්තේ එකම පවුලේ පස් දෙනෙක් - රෝහණ ලක්ෂ්මන් පියදාස

මෙරට විනාශයට වගකිව යුත්තේ එකම පවුලේ පස් දෙනෙක් – රෝහණ ලක්ෂ්මන් පියදාස

ශ්‍රී ලංකාවේ විනාශයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ එකම පවුලේ පුද්ගලයන් පස් දෙනෙකු බවත් රටේ සමස්ත ආර්ථිකයෙන් හතරෙන් තුනකට වඩා පාලනය කළේ එම පවුලේ සාමාජිකයන් පස්දෙනා විසින් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනතාව පාරට බැස අරගල නොකළා නම් තවමත් පවතින්නේ උද්ධච්ඡ පාලනයක් බවත් පැවසූ උප සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තරුණයන් විසින් ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස වටකර ආරම්භ කළ අරගලය මේ වනවිට සමස්ත රට පුරා පැතිරී ඇති බවයි.

ආර්ථිකයෙන් හතරෙන් තුනක් පාලනය කළ පුද්ගලයන්ට සිය තනතුරු අතහැර යාමට සිදු වූයේ එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බවත් ඔවුන් තවදුරටත් බලයේ සිටියේ නම් මේ වනවිට රට සම්පූර්ණයෙන් ආර්ථික වශයෙන් පිරිහීමට ලක්වීමට තිබූ බවත් රෝහන ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළේය.