― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයට විශාල බදු මුදලක් අහිමි වන ලකුණු

රජයට විශාල බදු මුදලක් අහිමි වන ලකුණු

එතනෝල් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා රජය කඩිනමින් විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී මත්පැන් නිෂ්පාදනයට බාධාවක් ඇති වී දේශීය මත්පැන් නිෂ්පාදනය ඇනහිටිය හැකි බවත් එමඟින් රජයට විශාල බදු මුදලක් අහිමි වනු ඇති බවත් මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

එතනෝල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයනය කෙරෙන අතර ඩොලර් හිඟය නිසා එම ගෙන්වීම්වලට බාධාවක් මතුව ඇති බැවින් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මේ තත්ත්වය මගහැර නොගත්තොත් සුරාබදු ආදායමෙන් රජය මාසිකව සිදු කරන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවීම් ඇතුළු වියදම් කිහිපයක් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.