― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ගෙන් මෙරට ආර්ථිකය ගැන අනාවැකියක්

රනිල්ගෙන් මෙරට ආර්ථිකය ගැන අනාවැකියක්

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට තම රැකියාවන් අහිමි වනු ඇති බවට රනිල් වික්‍රමසිංහ අනාවැකියක් පළ කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ නව නගර ශාලාවේදී මැයි දින රැළිය අමතමිනි.

මේ වන විටත් බොහෝ පිරිසකට රැකියාවන් අහිමි වී ඇති බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට අරාජික වී ඇති බව හා ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විටත් බොහෝ පිරිසකගේ රැකියා අහිමි වී ඇති බවයි.

ඔහුගේ මේ අදහස් දැක්වීම හමුවේ සහ ඔහු කියූ අනාවැකි සම්බන්ධව අපට බරපතලව සිතිය යුතු බව මේ සටහන අවසානයේ සටහන් කිරීමට කැමැත්තෙමි. මක් නිසාද යත් ඔහු මින් පෙර ආර්ථිකය සම්බන්ධව පල කළ බොහෝ අනාවැකි සත්‍ය වූ අතර ඒ අනාවැකිවල ප්‍රතිඵල නම් එතරම් සුබදායක නොවූ බැවිනි.