― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසුපිරි වෙළඳසැල්වලිනුත් සහන මිලට සහල්

සුපිරි වෙළඳසැල්වලිනුත් සහන මිලට සහල්

මේ වනතෙක් ලංකා සතොස වෙත පමණක් නිකුත් කළ සහල් තොග සියලු සුපිරි වෙළෙඳසැල් ජාලයන් වෙත මෙම සතිය තුළ නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ඊයේ (01) වෙළඳ අමාත්‍යංශයේදී වෙළෙඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ සුපිරි වෙළෙඳසැල් ජාලයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් ආනයනික සහල් තොග අවසන් වනතෙක් මෙම නව ක්‍රමය ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඒ අනුව එක් පාරිභෝගිකයෙකු සඳහා සහල් කිලෝ ග්‍රෑම් පහක (05) උපරිමයකට යටත්ව ලබාගත හැකි අතර එම සහල් වර්ග අලෙවි කරනු ලබන සිල්ලර මිල ගණන් පහත දැක්වේ.

නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 145.00කට සහ සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 175.00කට අලෙවි කිරීමට පියවර ගෙන තිබේ.