31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅනුරගේ දෙවැනි වෙඩිල්ල තිරු නඩේෂන්ට

අනුරගේ දෙවැනි වෙඩිල්ල තිරු නඩේෂන්ට

රටේ ප්‍රබල දේශපාලනඥයන් රැසක් සිදු කළ බව කියන වංචා දූෂණ රැසක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් හෙළිදරව් කරන ‘රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව’ මාධ්‍ය හමුව මේ වනව්ට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ දෙවැනි හෙළිදරව්ව වූයේ තිරු නඩේෂන් සිදු කළ මිලයන ගණනක වංචාවක් පිළිබඳවයි.

පසුගියදා පැන්ඩෝරා පත්‍රිකා එළියට ආවා. ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් තිරු නඩේෂන් හා නිරූපමා රාජපක්ෂ පවුලට හිමිකාරීත්වය තිබෙන බව. තිරු නඩේෂන්ගේ නමින් තමයි බැසිල් රාජපක්ෂගේ ගොඩක් දේපළ තිබෙන්නේ. සුප්‍රසිද්ධ ගනුදෙනුවක් සිදු වුණා ‘ගිං නිල්වලා’ කියලා. මේ ගනුදෙනුව සාමාන්‍යයෙන් අපේ රටේ මැතිවරණයක් වෙලාවකදී සියලු අමාත්‍යංශවල මිලදී ගැනීම්, වියදම්, අත්‍යවශ‍ය ඒවා හැර සියලු ගනුදෙනු නතර කරනවා. එහෙම තියෙද්දි වාර්මාර්ග අමාත්‍යංශ ලේකම් අයිවන් ද සිල්වා විසින් ඒ වෙලාවේ වාරිමාර්ග ඇමති නිමල් සිරිපාල ද සිල්වා. 2014. 12. 24 වැනිදා මිලියන 1000ක් චීන සමාගමක් වෙත ලබාදෙනවා. 2015.01.01 මිලියන 2009ක් එම සමාගමට නැවත ලබාදෙනවා. 2015.01.06 මිලියන 1003ක් නැවතත් එම සමාගමටම ලබාදෙනවා. මේ ඔක්කොම ගත්තම මිලියන 4100ක්. එක පස් පිඩැල්ලක් කපලා නැහැ. කාටද මේ මුදල් ලබාදුන්නේ? මේ මුදල් ලබාදුන්නේ ‘චයිනා නැෂනල් මර්චරි’ කියන සමාගමට. මේ සමාගමට තිබෙනවා හොංකොංවල අකවුන්ට් එකක්. ඒ අකවුන්ට් එකෙන් මුදල් වගයක් නිදහස් කරනවා රූත් ඉන්ටනැෂනල් කියන සමාගමට. ඒකට විටින් විට නිදහස් කරලා තියෙනවා ඩොලර් මිලියන 05ක්. මේ කම්පැනිය කාගේද? ඒ කම්පැනිය තිරු නඩේෂන්ගේ.