27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසඳහිරු සෑයේ රන් ආලේපිත බුදු පිළිමයට මොකද වුණේ..? - අනුරගෙන් තවත් විශේෂ...

සඳහිරු සෑයේ රන් ආලේපිත බුදු පිළිමයට මොකද වුණේ..? – අනුරගෙන් තවත් විශේෂ හෙළිදරවුවක්

අනුර කුමාර දිසානායක විසින් දූෂිත ක්‍රියා හෙළිදරව් කරන මාධ්‍ය හමුවේදී සඳහිරු සෑයේ තැන්පත් කිරීමට නිමවූ රන් ආලේපිත බුදුපිළිම දෙකක් ගැනත් හෙළිදරව් කළා.
ඔහු මෙලෙස ඒ හෙළිදරව්ව සිදුකළා.

රත්තරන් කිලෝ 45 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තා.
පැය 24 ක් යන්න කළින් සඳහිරු සෑයේ නිධන් තැන්පත් කරන්න කිලෝ ග්‍රෑම් 8 ක් දෙන්න.
රේගුව කියනවා අපි අත්අඩංගුවට ගත්ත ටික මාසයක් යනකන් නිදහස් කරන්න බෑ කියලා.
ඊයේ ගත්තේ අද දෙන්න බෑ කියනවා.
මේ ඉල්ලීම නිසා පරණ රාජසන්තක කරපු කිලෝ 8 ක් දෙනවා.
තවත් රත්තරන් කිලෝ 3 ක් ලංකා බැංකුවෙන් ගන්නවා. . ඔක්කොම රත්තරන් කිලෝ 11 හමාරක් වගේ.
වැලිසර නාවික හමුදා කදවුරේ අඩියක් උස රන් පිළිමයක් හදනවා තැන්පත් කරන්න.
පිත්තලවලිනුත් තව පිළිම දෙකක් හදනවා.
ඊට අමතරව පිළිමතලාවේ නාරම්පොත කියන ප්‍රදේශයේ තවත් පිළිම දෙකක් හදනවා.
හදලා අඩියේ පිළිම දෙකට රන් ආලේප කරනවා.
රන් ආලේප කරලා නිධන් තැන්පත් කරන්න උත්සවයක් තියෙනවා.
මේ ප්‍රදර්ශනයට තියෙනවා රන් ආලේප කරපු එකයි අනිත් දෙකයි තියෙනවා
රන් පිළිමය තැන්පත් කරනවා කියනවා.
අවසානයේදී බලනොකාට රන් ආලේපිත බුදුපිළමේ නෑ.
හමුදා ආරක්ෂාව යටතේ රන් ආලේපිත බුදු පිළිමයට මොකද වුණේ..?
තැන්පත් කළේ ආලේපිත එකද රන් එකද..?
මේක ගැනත් සාධාරණ සැකයක් තියෙනවා.