29 C
Colombo
Wednesday, October 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩු ආදායම්ලාභී පවුල්වලට අමතර දීමනාව ලැබෙන්නේ මෙහෙමයි

අඩු ආදායම්ලාභී පවුල්වලට අමතර දීමනාව ලැබෙන්නේ මෙහෙමයි

රට තුළ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට රජය අද (03) තීරණය කළේය.

අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව ප්‍රකාශ කළේය.

හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාළ සහනය ලබාදීමට නියමිත අතර කාණ්ඩ කිහිපයක් යටතේ එම දීමනාව ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව පවුල් ඒකක මිලියන 3.34ක ප්‍රමාණයක් සඳහා එම දීමනාව ලබාදීමට නියමිත අතර, ඒ සඳහා එක් මාසයකට ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 4,455ක්.
ඒ අනුව එක් එක් කාණ්ඩ සඳහා අදාල අමතර දීමනාව බෙදීයන්නේ මේ ආකාරයෙනි.