― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅනුරගේ පළවෙනි ෆයිල් එක ජාලිය වික්‍රමසූරියට එරෙහිව

අනුරගේ පළවෙනි ෆයිල් එක ජාලිය වික්‍රමසූරියට එරෙහිව

රටේ ප්‍රබල දේශපාලනඥයන් රැසක් සිදු කළ බව කියන වංචා දූෂණ රැසක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් හෙළිදරව් කරන ‘රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව’ මාධ්‍ය හමුව මේ වනව්ට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ පළමු හෙළිදරව්ව වූයේ මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකු වන ජාලිය වික්‍රමසූරිය ඇමරිකාවේ තානාපති කාර්යාලයක් මිලදී ගැනීම්වේදී සිඩ්ගු කළ මුදල් වංචාවයි.

පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ නඩුවක් ගියා ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය ගැන. ඒ නඩුව තමයි ලංකාව වෙනුවෙන් තානාපති කාර්යාලයක් මිලදී ගැණීමේදී ඔහු මුදල් වංචා කොට ඇති බව. අපි ඒකට නඩුවක් ගොනු කළත් ජාලිය වික්‍රමසූරිය පවුල පිටින්ම රටින් පැනලා ගියා.ජාලිය වික්‍රමසූරිය යනු මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකි. මැයි මස අහ ජාලිය වික්‍රමසූරියගේ නඩුවේ අවසන් තීන්දුව ලබාදීමට නියමිතයි. ඒ පිළිබඳ සමස්ත වාර්තාව අපි ලඟ තිබෙනවා.”