මෙරට ආර්ථිකයට වින කළ සොරුන් සම්බන්ධයෙන් තොරතුරු අද (03) පෙරවරු 10.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව මීට දින කිහිපයකට පෙර ඔහුගේ නිළ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් අද දිනය ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වීමට බොහෝදුරට ඉඩ ඇත.
එසේම අනුර කුමාර දිසානයකගේ දේශපාලන ගමනේ ඉදිරි දිශානතිය පිළිබඳවද අද දිනයේ ඔහු හෙළි කරන කරුණු අනුව තීරණය වනු ඇති බවට බොහෝ මධ්‍යස්ථ මතධාරීන් අදහස් පළ කරයි.