29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅලුත් අගමැති හෙට පත්වෙයි?

අලුත් අගමැති හෙට පත්වෙයි?

හෙට (04) දිනයේදී බොහෝවිට ආණ්ඩු පෙරළියක් සිදු විය හැකි බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඔවුන් පවසන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා හෙට (04) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග පවසන ආකාරයට අගමැතිවරයා ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලයද අහෝසි වෙයි. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කළේය.

පිහිටුවීමට යන අන්තර්පාලන ආණ්ඩුවක කැබිනට් ඇමැතිධුර 10ක් පමණක් පත් කිරීමට මේ වන විට එකගතාවයක් ඇතිකරගෙන ඇති බවත් එහිදී එම ඇමැතිවරුන් මෙන්ම අගමැති තෝරා ගැනීම විශේෂ සභාවකින් සිදු කෙරෙන බවත් වාර්තා වෙයි.