29 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් මෙරටට තවත් මූල්‍ය පරිත්‍යාගයක්

චීනයෙන් මෙරටට තවත් මූල්‍ය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවට තවත් චීන යුවාන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට චීන රජය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (ළි ඛෙඣිඅන්ග්) අතර පසුගිය අප්‍රේල් 22 වැනිදා පැවති දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස ඖෂධ, ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා මෙම පරිත්‍යාගය ලබා දී ඇත.

ලංකාව දැනට මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනයට අවබෝධයක් ඇති බවත් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා අප උපරිමයෙන් කටයුතු කරන බවත් චීන අග්‍රාමාත්‍යවරයා එම සංවාදයේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව චීනය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති ආධාරවල මුළු වටිනාකම චීන යුවාන් මිලියන 500ක් පමණ වෙයි.