30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය වියදම් පාලනයට සියල්ල සූදානම්

රාජ්‍ය වියදම් පාලනයට සියල්ල සූදානම්

ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය පිළිබඳ සිතා රාජ්‍ය වියදම් පාලනය කිරීමට මුදල් අමාත්‍ය අලි සබ්‍රි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

චක්‍රලේඛයක් මගින් එම උපදෙස් අදාළ ආයතනවලට දැනුම් දී ඇති අතර ඒ අනුව ඉන්ධන, විදුලිය, ජලය, සන්නිවේදන දීමනා ආදිය ගෙවීම පාලනය මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් සහ කුලියට ගැනීම් නැවැත්වීම මෙන්ම දේශීය අරමුදල් හරහා සිදුකරන විදේශ අධ්‍යාපන චාරිකා ආදිය නැවැත්වීමට ගත් තීරණද මේ අතරට අයත් වෙයි.

රජයේ සියලුම අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා සියලුම ආයතන වෙත එම විධාන අනුගමනය කරන ලෙස නිළධාරීන්ට උපදෙස් දෙන ලෙස භාණ්ඩාගාරයේ ලේකම්වරයාට තමා දැනුම් දුන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.