― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලාංකීය සම්භවයක් සහිත ජසින්ටා ගලබොඩආරච්චිට විශේෂ සම්මාන දෙකක්

ලාංකීය සම්භවයක් සහිත ජසින්ටා ගලබොඩආරච්චිට විශේෂ සම්මාන දෙකක්

ස්කොට්ලන්ත වෘත්තීය පාපන්දු සංගම් සම්මාන උළෙලේදී 2022 වසරේ තරුණ පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය හා සෙල්ටික් පාපන්දු සමාජයේ 2022 වසරේ පාපන්දු ක්‍රීඩිකාවට යන සම්මාන හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික සම්බවයක් සහිත ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් වන ජසින්ටා ගලබොඩආරච්චි සමත්ව තිබෙනවා.

2001 වසරේ ඕස්ට්‍රේලියාවේදී උපන් ජසින්ටා වයස අවුරුදු පහක පමණ කාලයේ සිට පාපන්දු ක්‍රීඩා පුහුණුවීම් වල නිතර වූ තැනැත්තියක්. 2016 සහ 2017 වසර වලදී ඇය මෙල්බන් සිටි ක්‍රීඩා සමාජය සදහා ක්‍රීඩා කළ අතර 2018 සහ 2019 වසර වලදී Perth Glory ක්‍රීඩා සමාජයට වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

2019 සහ 2020 වසර වලදී ඇය එංගන්තයේ West Ham United ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ අතර පසුව 2020 / 2021 වසරවලදී ඉතාලියේ Napoli පාපන්දු සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක්.

2021 වසරේ සිට ජසින්ටා ස්කොට්ලන්තයේ Celtic පාපන්දු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන අතර ඇය 2016/ 2017 වසරේ W- League Champion තරගාවලියේ ජයග්‍රහණය කළ මෙල්බන් සිටි කණ්ඩායම ද නියෝජනය කරනු ලැබුවා.