― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews06 වැනිදා රට පුරා හර්තාල්

06 වැනිදා රට පුරා හර්තාල්

දිවයින පුරා වෘත්තීය සමිති, සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් රැසක් මෙම සිකුරාදා (06) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතය.

ජාතික වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසන්නේ ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරය සඳහා සියලු පාර්ශවවල සහයෝගය අවශ්‍ය බවයි.

6 වෙනිදා අපේ රටේ ඉතිහාසයේ විශාලතම වැඩවර්ජනය හා හර්තාලය පවත්වලා, දුෂිත ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනයට දෙන අවසාන පණිවුඩය දෙනවා. 6 වෙනිදාට කලින් යන්න ඕනේ. ඒ නිසා මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා අරගලයට එකතුවෙන්න. අත්වැල් බැඳගන්න. වැඩබිම් නවතිනවා. ට්‍රාන්ස්පෝට් නවතිනවා. සියලුදෙනා ගෙදර ඉඳන් තමන්ගේ ළඟම තියෙන පාරට කළු කොඩියක් අරන් එන්න. ගෙදර කළු කොඩියක් දාන්න. ආයතනවල කළු කොඩියක් දාන්න. රටේ ජනතාව එක්ක එකතුව රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බලය පෙන්වන්න. හර්තාලය සාර්ථක කරන්න. මේ වෙනකොටත් ආණ්ඩුව තීරණය කරලා නැත්නම්, 6 වෙනිදා වෙනකොටත් තීරණය කරලා නැත්නම් යන්න අපි මේ රටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාර මේ රටේ බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ සියල්ල එකතුවෙලා 11 වෙනිදා පටන් ගන්නවා හර්තාලය. ආණ්ඩුව ගෙදර යනකල් ඒක නවත්වන්නේ නෑ.