― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දීය ණය පහසුකම යටතේ මෙට්‍රික් ටොන් දහසක සහල් මෙරටට

ඉන්දීය ණය පහසුකම යටතේ මෙට්‍රික් ටොන් දහසක සහල් මෙරටට

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් සහල් මෙට්‍රික් ටොන් 1000 ක් පසුගිය දින කිහිපයේ මෙරටට ආනයනය කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති යෝගා පෙරේරා මහතා සඳහන් කළේ, මේ වනවිට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ සහන මිලට බෙදා හැරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 80000 ක් මේ වනවිට මෙරටට ආනයනය කර ඇති බවයි.

එම සහල් තොග ලක් සතොස හා සුපිරි වෙළඳසල් හරහා ජනතාවට ලබාදීමට පහසුකම් සපයා තිබේ.

යෝගා පෙරේරා මහතා පැවසුවේ, පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 175 ක මිලකටත් නාඩු හා සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 145 ක මිලකටත් අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇති බවයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මෙරටට ආනයනය කිරීමට අපේක්ෂිත ය.